Skip to main content

Facebook page තුළින් ව්‍යාපාර ලාභ උපයන හැටි


වර්තමානයේ ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි පිරිසක් facebook භාවිතා කරයි. මේ නිසාම වැඩි පාරිභෝගික පිරිසක් ආකර්ෂණය කර ගැනීමට facebook තුලින් හැකියාව ලැබී ඇත. මෙහිදී ඔබේ ව්‍යාපාරයට ව්‍යාපාරය නමින් facebook page එකක් සැදිය හැක.
එමෙන්ම මෙහිදී වැදගත්ම කරුණ වන්නේ ඔබට මෙය කිසිදු වියදමක් නොමැතිව facebook page එකක් සදා ගත හැකි වීමයි.


facebook page එකක් තුලින් ඔබේ භාණ්ඩ හා සේවා සදහා වැඩි ආකර්ශනයක් ලබා ගැනීමට ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයකි.


  • පැහැදිලි හා ආකර්ශනීය ජයාරූප යොදා ගැනීම 

             පාරිභෝකයන් පළමුව දකින්නේ ඔබේ භාණ්ඩ හා සේවා වල ජයාරූපයි . මේ නිසා වැඩි අකර්ශනයකින් යුතු ජයාරූප යොදා ගැනීම වැදගත් වේ. එමෙන්ම ජයාරූප ගැනීමේදී භාණ්ඩයේ වර්ණ නිසි ලෙස පේන පරිදි ආලෝක තත්වය පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.


 

  • ව්‍යපාරය පිළිබද විස්තර කෙටියෙන් හා සැකෙවින් ඉදිරිපත් කිරීම
  • විස්වාසය ඇතිවන ලෙස සියලු පාරිභෝගිකයන් සමග කටයුතු කිරීම
  •  භාණ්ඩ හා සේවා විස්තර ඉදිරිපත් කිරීමේදී අවශ්‍ය විස්තර ඇතුලත් කිරීම
            උදා :- ඇදුම් - මිල , ඇදුමේ ප්‍රමාණය , ලබාගත හැකි වර්ණ
  • භාණ්ඩ හා සේවා විස්තර ඉදිරිපත් කිරීමේදී ගෙවීම් මාධ්‍ය පිළිබද විස්තර ඇතුලත් කිරීම 
            උදා :- බැංකු තැන්පතු පමණි / භාණ්ඩ ලැබුණු පසු ගෙවීමේ පහසුකම් ඇත

 





Comments